FAST NEWS

24×7 Around the Globe

ගම්පොළ ප්‍රදේශ කිහිපයකට පැය 22 ක ජල කප්පාදුවක්…

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පොළ ප්‍රදේශ කිහිපයකට අද (03) අළුයම 2.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියේය.

ඒ අනුව ගම්පොළ නුවර පාර, කහටපිටිය, බෝතලාපිටිය, ඉලංගවත්ත පාර, ඉල්ලවතුර, පානබොක්ක මාවත, පල්ලෙවෙල, ඉහළවෙල, අංගම්මන, කොබ්බෑවල, ගරුපුරය, ඔරුවිල්වත්ත, ගඟේවත්ත, නුවරඑළිය පාර, මවුන්ට් ටෙම්පල්, සක්කරන්තොටුව, කඩුගන්නාව පාර, බෝවල, තිරපනේ, සඳසිරිවත්ත, උනම්බුව, ගලේවෙල පාර හා ගෙවල් විස්ස යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය නිවේදනයෙහි සඳහන් වෙයි.

(DE සිල්වා)