FAST NEWS

24×7 Around the Globe

සීමාවාසික වෛද්‍ය පත්වීම් ගැන වෛද්‍යවරු වර්ජනයට සැරසෙයි..

දේශපාලන අවශ්‍යතා මත සකස් කර තිබෙනා පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නැති ප්‍රශ්නයක් ඇතිකර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (02) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

එ අනුව මේ මස 05 වන දින වන විට එය නිවැරදි නොකළහොත් 06 වන දින සමස්ත ලංකාවේම රෝහල්වල වැඩවර්ජනයක් දියත් කරන බවද එ මහතා පැවසීය.

මාරු මණ්ඩල රැස් නොවී එක් නිලධාරියෙකුගේ අවශ්‍යතාවය මත සකස් කළ පත්වීම් ලේඛනය නිසා ග්‍රාමීය රෝහල්වලට විශාල වෛද්‍ය හිඟයක් ඇතිවන බවත්, මේ නිසා මෙම ලේඛනය වහාම අවලංගු කළයුතු බවද එ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

(DE සිල්වා)