FAST NEWS

24×7 Around the Globe

අක්මීමන දයාරතන හිමීයන් අත්අඩංගුවට ගැනේ..

ජාතික බලමුළුව සංවිධානයේ සාමාජික පුජ්‍ය අක්මීමන දයාරතන හිමීයන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින් 31 දෙනකු එම ස්ථානයෙන් ඉවත්කර රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා එම නිවස ඉදිරිපිට ප‍්‍රකෝපකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට උන්වහන්සේ අද වැඩම කර තිබුණී.

අක්මීමන දයාරත්න හිමියන් අද (02) පස්වරුවේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)