FAST NEWS

24×7 Around the Globe

සරණ ගුණවර්ධන යළි බන්ධනාගාරයට..

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ සරණ ගුණවර්ධන මහතාව ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02) නියෝග කළාය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයනය කර සිය භාවිත සඳහා යොදාගැනීමෙන් මුල්‍ය අක්‍රමීකතාවක් සිදුක කලැයි එ මහතාට එල්ල වු චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

එසේම එම රථය මේ වන විට කවුරුන් භාරයේ තිබෙන්නේ ද යන්න සනාථ වී නොමැති බවද පොලිසීය අද අධිකරණය වෙත දැනුම් දුන්නේය.

(DE සිල්වා)