FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ සී.අයි.ඩී යට වැඩම කරති..

ප්‍රකාශයක් ලබා දීම සඳහා පූජ්‍ය අක්මීමන දයාරතන හිමි අද (02) උදෑසන 09.45ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත වැඩම ‍කළේය.

ගල්කිස්ස ප්‍රදේශයේදී මීයන්මාර සරණාගතයින්ට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව පුජ්‍ය අක්මීමන දයාරතන හිමි සහ පුජ්‍ය අරඹේපොල රතනසාර හිමි අද (02) දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

කෙසේ වෙතත් පුජ්‍ය අරඹේපොල රතනසාර හිමි මෙතෙක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ නොමැති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

(DE සිල්වා)