FAST NEWS

24×7 Around the Globe

මීගමුවට හා කටුනායකට පැය 16 ක ජල කප්පාදුවක්..

මීගමුව නගර සභා බල ප්‍රදේශයට අයත් දූව පිටිපන ප්‍රදේශයට හා කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය සහ කටුනායක ගුවන් තොටුපල යන ප්‍රදේශයන්ට අද (02) දිනයේ පැය 16 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර සිටියි.

බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් සිදු කෙරෙන මෙම ජල කප්පාදුව අද පෙරවරු 11.00 සිට හෙට (03) අළුයම 3.00 දක්වා සිදු කෙරෙන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)