FAST NEWS

24×7 Around the Globe

පාසල් සිසුන් සඳහා වු සුරක්ෂා රක්ෂණ ක්‍රමය අද සිට..

සියලුම පාසල් සිසුන් සඳහා වු සුරක්ෂා රක්ෂණ ක්‍රමය අද (02) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආරම්භ වීමට නියමීත බව අධ්‍යාපන අමාත්‍යාශය සඳහන් කරයි.

එ අනුව වයස අවුරුදු 5ත් 19ත් අතර ගිහි පැවිදි සිසුන් සහ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඇෂූවරන්ස් එක්ව ක්‍රියාත්මක කරන මෙම රක්ෂණ ක්‍රමය මගින් ලෙඩ රෝග, හදිසි අනතුරු සහ වසංගත රෝග සඳහා  ක්‍රියාත්මක වන අතර එක් සිසුවෙක් සඳහා රුපියල් ලක්ෂ පහ දක්වා ප්‍රතිලාභ ලබා ගත හැකි බව අමාත්‍යාශය වැඩි දුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)