FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයටකට තද වැසි..

අද (28) දිනයේදි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණවිද්‍යාදෙපාර්තුමේන්තුව අද පෙරවරුවේ නිකුත් කල නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම එම පළාත්හි ඇතැම් ස්ථානවලට මි.මි.75 ක් පමණ වු තරමක් තද වැසිද ඇතිවිය හැකි බවද එහි සඳහන්.

මන්නාරම, යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(DE සිල්වා)