2015 මැයි 13 වැනි දා යාපනය, කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටු ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමීන් මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල කමීටුව එකමතික තීන්දුවකින්, විත්තිකරුවන් 09 දෙනාගෙන් 07 දෙනෙකුට අද (27) මරණ දඬුවම නියම කළේය.
එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන් ඇතුලත් විය.
එසේම අධිචෝදනා ලබා සිටි 01 වැනි හා 07 වැනි විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත්වී යැයි තීරණය කළ විනිසුරු මඩුල්ල එම විත්තිකරුවන් දෙදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වා මෙම සැකරකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය පැවැත්විණි.
විත්තිකරුවන්
1 බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර්
2 බුබාලසිංහම් ජෙයකුමාර්
3 බුබාලසිංහම් තවකුමාර්
4 මහාලිංගම් ශසිදරන්
5 තිලේනාදන් චන්ද්‍රහාසන්
6 ශිවදේවන් දුෂාන්ත්
7 පලනි රූපසිංහම්
8 ජෙයදරන් කෝකිලන්
9 මහාලිංගම් ශෂීකුමාර් (ස්විස්කුමාර්)
(DE සිල්වා)








