FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිල මැතිවරණ කොමීසට ඉල්ලා අස්වෙන්නැයි කියයි..

මැතිවරණ කල් දැමීමට ආණ්ඩුවට වංක සහාය දෙන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් 2018 වනතුරු නොසිට වහාම ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (26) පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

2015 වසරේ දී සීමා නිර්ණයන් ගැසට් මගින් ප්‍රසිද්ධ කළ පසු මැතිවරණය පැවැත්විය හැකිව තිබූ නමුත් පුංචි ඡන්දය කල් දැම්මේ මැතිවරණ කොමිසමේ සහායෙන් බව ද ඔහු පැවසීය.

සීමා නිර්ණ අභියාචනා හේතුවෙන් පුංචි ඡන්දය කල්දැමීම නීත්‍යනුකූල යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිතන්නේ නම් තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ඔහුට අභියෝග කරන බව ද එ මහතා සඳහන් කළේය.

(DE සිල්වා)