FAST NEWS

24×7 Around the Globe

උතුරු මැද සභාවේ අවසන් රැස්වීම හෙට..

 2012 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනිදා පැවති පළාත් සභා මැතිවරණයෙන් පසුව තෙරි පත්වු උතුරු මැද හය වැනි පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්‌තෝබර් මස 02 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 න් අවසන් වීමට නියමීතය.

මේ අනුව එම පළාත් සභාවේ මේ වසරේ අවසන් සහ 18 වැනි රැස්‌වීම හෙට (28දා) පෙරවරු 10.00 ට සභාපති ඩී.එම්. අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටි එම පළාත් සභා මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

2012 මැතිවරණයේදි  පළාත් සභාවේ 33 ක්‌ වූ සමස්‌ත මන්ත්‍රී ආසන සංඛ්‍යාවෙන් ආසන 21 ක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටත් ආසන 11 ක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයට සහ එක්‌ ආසනයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණටත් හිමි විය.

(DE සිල්වා)