FAST NEWS

24×7 Around the Globe

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද..

යාපනය විද්‍යා ශිෂ්‍යාව දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුව අද (27 වැනිදා) යාපනය මහාධිකරණයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

එ අනුව අද පෙරවරු 8.45 ට මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමේ කටයුතු ආරම්භ කෙරේ.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ මාස තුනක්‌ කාලයක් එම නඩුව විභාගයට ගනු ලැබීය.

සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන ස්‌විස්‌ කුමාර් ඇතුළු පුද්ගලයන් නවදෙනකුට එරෙහිව මිනීමැරුම් හා ස්‌ත්‍රී දූෂණ චෝදනා එල්ල වී තිබේ.

යාපනය පුන්කුඩිතිව් ප්‍රදේශයේදී පාසල් යමින් සිටි 18 හැවිරිදි විද්‍යා ශිෂ්‍යාව පැහැරගෙන ගිය පිරිසක්‌ ඇය දූෂණය කර පසුව ඝාතනය කරන ලදී.

(DE සිල්වා)