FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් තුනකට නායයෑමේ අනතුරු ඇගවිම් නිකුත් කෙරේ..

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග රත්නපුර, කලුතර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වෙත ,අද (27දා) පෙ.ව. 4.00 සිට හෙට (28දා) පෙ.ව. 4.00 දක්වා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එ අනුව රත්නපුර – ඇහැළියගොඩ, අයගම, රත්නපුර, කුරුවිට,පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශයන්ටත්,

කලුතර – බුලත්සිංහල හා පාලින්දනුවර ප්‍රා දේශී ලේකම් කොට්ඨාසය හා ඒ අවට ප්‍රදේශවලට  හා නුවරඑළිය – ලබුකැලේ ප්‍රදේශයයන්ටත් මෙසේ අනතුරු අගැවිම් නිකුත් කළ බව එම සංවිධානය වැඩි දුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)