FAST NEWS

24×7 Around the Globe

ඩී.කේ.පී. දසනායකගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින දෙයි..

හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු නාවික හමුදා සෙබළුන් 06 දෙනාට ඇප ලබාදෙන ලෙස ඇප ඉල්ලූම්පත් නොවැම්බර් මස 10 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (26) දින නියම කළේය.

කෙසේ වෙතත්, එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ දන්වා සිටියේ සැකකරුවන්ට ඇප ලබාදුනහොත් සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑමක් විය හැකි බවයි.

2008, 2009 කාලවකවානු තුළ දී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව මොවුහු පසුගියදා අත්අඩංගුවට ගෙන, ලබන මස 09 වනදා රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති.

(DE සිල්වා)