FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරීහු උතුර මැද සභාව වටලති…

අද(26) පෙරවරුවේ සිට උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරීන් උතුරු මැද පළාත් සභාව වටලා වටලා සිටින බව වාර්තා වේ.

උතුරු මැද ගුරු පුරප්පාඩු සඳහා විභාගයට පෙනී නොසිටි, සුදුසුකම් නොලද වෙනත් පළාත්වල පිරිසකට අයථා අයුරින් පත්වීම් ලබාදීමට විරුද්ධව ඔවුහු මෙසේ සිය විරෝධය පළ කරමීන් සභාව වටා එක් රෝකවී සිටින බව පැවසේ.

මෙ හේතුවෙන් පළාත් සභාව අවට දැඩි පොලිස් රැකවල් යොදා ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)