FAST NEWS

24×7 Around the Globe

ජපානය හදිසි මහ මැතිවරණයකට යයි..

මහ මැතිවරණයක් වහාම කැඳවන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඊයේ (25) නිවේදනය නිකුත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, ලබන බ්‍රහස්පතින්දා (28) වැනිදා ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට එම නිවේදනයෙහි සඳහන්ව තිබේ.

සිය නිළ කාලය අවසන් වීමට තවත් වසරක් පමණ ඉතිරිව තිබියදි ජපාන අග්‍රාමාත්‍යවරයා මෙම නිවේදනය කර ඇති බවද වාර්තා වේ.

උතුරු කොරියාවෙන් ඇති වී තිඛෙන තර්ජන හමුවේ ජාතික අර්බුදයක් ඇති වීම වැළැක්වීමට මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවන බවද ඔහු වැඩි දුරටත් සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි.

(DE සිල්වා)