FAST NEWS

24×7 Around the Globe

ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන රියදුරන් හදුනාගැනීමට සැලසුමක්..

ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන රියදුරන් හඳුනා ගැනිම සඳහා සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් යෙදවිමට තීරණය කළ බව මහගනර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංයශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍ය රත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මංතීරු නීතිය කඩකරන රියදුරන් හඳුනා ගැනිමට යොදවා ඇති පොලිස් නිළධාරින්ට සහය ලබාදීමේ අරමුණින් මෙම පියවර ගැනිමට තීරණය කර තිබේ.

ප්‍රමුඛතා මංතීරු නීතිය මේ වන විට අදියර 03ක් අවසන් කර ඇති බවත් ඉන් ගාලු පාර තුළ මංතීරු නීතිය සාර්ථකව ක්‍රියාත්මක වන බව අතිරේක ලේකම්වරයා සඳහන් කර සිටියේය.

එසේම එහි සිව්වන අදියර මරදාන හා බොරැල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරිමට ද සැලසුම් කර ඇති බව එ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

(DE සිල්වා)