FAST NEWS

24×7 Around the Globe

පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්..

සබරගමුව පළාත් සභාවේ නිල කාලය අද (26 ) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ,ඒ අනුව ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා ප්‍රමුඛ පළාත් ඇමැති මණ්‌ඩලය සතු සියලු බලතල මොහොතේ සිට පළාත් ආණ්‌ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා යටතට පත්වනු ඇත.

පළාත් සභාවේ නිල කාලය අවසන් වුව ද පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුව මැතිවරණ කොමිසමට එහි ඡන්ද විමසීම කැඳවිය නොහැකි අතර පනත ප්‍රකාරව නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ.

එ අනුවා පළාත් ඇමැති මණ්‌ඩලයට අමතරව සෙසු පක්‌ෂ විපක්‌ෂ සියලු තනතුරු ද මන්ත්‍රී ධුර ද අද මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි වෙයි.

ඉකුත් 2012 සැප්තැම්බර් 08 වැනිදා මෙම සභාවල ඡන්ද විමසීම සිදුකෙරුණු අතර එහිදී සබරගමුව පළාත් සභාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට මන්ත්‍රී ධුර 28 ක්‌ ද එක්‌සත් ජාතික පක්‌ෂයට 14 ක්‌ හා ලංකා කම්කරු කොංග්‍රසයට 02 ක්‌ ද හිමිවිය.

(DE සිල්වා)