FAST NEWS

24×7 Around the Globe

පළාත් පහකට ගිගුරුම් සහිත වැසි..

වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට අද (26) දිනය තුළදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, මේ නිසා අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට ආසන්න තද වැසි ඇතිවිය හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ නදිකා රණවීර මහත්මිය සඳහන් කළාය.

මීට අමතරව ඉදිරි දින කිහිපය තුළදී සවස් කාලයේදී දිවයින වටා සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් දිවයිනට දකුණින් වන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහිදී දිවයිනට නැගෙනහිරින් හා ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.