FAST NEWS

24×7 Around the Globe

නීතිපතිවරයා ඇතුළු පාර්ශව තුනකට නොතීසි නිකුත් කෙරේ..

නීතිපතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට සහ මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලබන මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද(25) දින නොතීසි නිකුත් කෙරුණි.

එසේ නොතීසී නිකුත් කෙරුණේ දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති අයඳුම්පත අද(25) දින කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව හමුවේ කැදවූ අවස්ථාවේදීය.

එම ඇප අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාශය සහ මරදාන පොලීසිය නම් කර තිබේ.

රයන් ජයලත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් කඩා වැදී එහි දේපල වලට හානි කිරීමේ චෝදනාව යටතේය.