FAST NEWS

24×7 Around the Globe

නිශ්ශංක සේනාධිපතිට හා පාලිත ප්‍රනාන්දුට අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද..

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට ඔක්තොම්බර් මස 03 වනදා කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න අද(25) අවවාද කර තිබේ.

මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව මොවුන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටි අතර එහෙත් අංක 05 මහාධිකරණ විනිසුරු නොමැති වීම හේතුවෙන් මෙම නඩුව අද කැදවූයේ වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙකු හමුවේය.

ඒ අනුව මෙම නඩුව ඔක්තොම්බර් 03 වනදා අදාල අධිකරණය හමුවේ කැදවන ලෙසත් එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසත් විත්තිකරුවන්ට අවවාද කරන ලදි.

රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සහ ලබාදීම මොවුන්ට විරුද්ධව ඇති චෝදනාව වෙයි.