FAST NEWS

24×7 Around the Globe

අයවැයෙන් මෝටර් රථ කිහිපයක බදු අඩු කරන්නැයි ඉල්ලීමක්..

මෙවර අයවැයෙන් විදුලි මෝටර් රථවල සහ එංජින් ධාරිතාව 1000 සහ 1500 අතර මෝටර් රථවල බදු අඩු කරන ලෙස ඉල්ලා ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ කියා සිටියේය.

ඒ අනුව ඔහු පැවසුවේ විදුලි මෝටර් රථවල මිල ගණන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඔහු සඳහන් කළේ මෝටර් රථ සඳහා ඒකකයට බදු අය කරන ක්‍රමය පමණක් ක්‍රියාත්මක කරන ලෙසද තම සංගමය ඉල්ලා ඇති බවයි.

කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීරගේ අවධානයට ලක්ව ඇති බවට පළ වන වාර්තා ගැන විමසීමේ දී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මෙම අදහස් පළ කරන ලදි.