FAST NEWS

24×7 Around the Globe

බැහැර කළ යුත්තේ ජාති භේදය හා ආගම් භේදයයි..

ජාතිවාදය ආගම්වාදය කියන දෙක බැහැර කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත් බැහැර කළ යුත්තේ ජාති භේදය හා ආගම් භේදය බව ජනතාව මෙන්ම දේශපාලඥයෝ වටහාගත යුතු යැයි සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ සුමංගල මහා නා හිමියෝ රංගිරි දඹුලු රජමහා විහාරස්ථ රංගිරි පාය රජ මහා විහාරයේදී ඊයේ (24) පස්වරුවේ පැවති රැස්වීමකදී අනුශාසනාවක් කරමින් පැවසූහ.

බොහෝ දෙනෙකු ජාතිවාදය ආගම්වාදය යන වචනවල තේරුමවත් නොදැන ක්‍රියා කරන බවත් ජාතිවාදය ආගම්වාදය බැහැර කරන්නේ නම් ථෙරවාදී බුදුදහම ද බැහැර කළ යුතු බව උන්වහන්සේ පවසා සිටියහ.