FAST NEWS

24×7 Around the Globe

මාර්ග නීති උල්ලංගනය කරන රියැදුරන්ට විශේෂ මෙහෙයුමක් අද සිට ඇරඹේ..

මාර්ග නීති උල්ලංගනය කරන රියැදුරන් හඳුනාගෙන ඔවුන්ට නීතිමය පියවර ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද (23) ආරම්භ කෙරේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ ඉදිරි සති කිහිපය පුරා කොළඹ නගරය තුළ මෙම මෙහෙයුම සිදුකෙරෙන බවයි.

මේ යටතේ සිවිල් ඇඳමින් සැරසුණු පොලිස් නිලධාරීන් සාමාන්‍ය වාහනවලින් කොළඹ නගරය තුළ එහා මෙහා ගමන් කිරීමට නියමිත වන අතර ඔවුන් විසින් මාර්ග නීති උල්ලංගනය කරන රියැදුරන් හඳුනාගෙන ඒ බව නිල ඇඳුමින් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට දැනුම් දෙනු ඇති.