FAST NEWS

24×7 Around the Globe

බොරැල්ලේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්..

බොරැල්ල – සීවලී පටුමගේ පිහිටි මහල් 3ක ගොඩනැගිල්ලක බිමි මහලේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

පොලිසිය පැවසුවේ අද (23) පෙරවරු 9.00ට පමණ ඇතිවූ ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි.

කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ විදුලිබල මණ්ඩලයද ගින්න මැඩපැවැත්වීමට සහය දක්වා ඇති අතර ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.

ගින්නට හේතුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.கசைந