FAST NEWS

24×7 Around the Globe

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය මන්දගාමී වුවත් ප්‍රගතිය ගැන තෘප්තිමත් විය හැකියි..

මෙරට ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය මන්දගාමී ලෙස සිදුවුවද ලබා ඇති ප්‍රගතිය පිළිබදව තෘප්තිමත් විය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගි වීම සඳහා ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝක් නුවර දී ඊයේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා මුණ ගැසුණ අතර එහිදී ඔහු ජනාධිපතිවරයා හමුවේ මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.