FAST NEWS

24×7 Around the Globe

පොල්ගහල්වෙලදී දුම්රියක් පීලි පනී..

කුරුණෑගල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී පිළි පැනීමකට ලක්වී තිබේ.

දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ අද උදෑසන 6.45ට පමණ මෙම දුම්රිය පිලී පැනීමට ලක්වූ බවයි.

මේ වන විට එය යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර, දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවල ප්‍රමාදයක් ඇති විය හැකි බවයි.