FAST NEWS

24×7 Around the Globe

මුහුණු පොතේ අපරාධ මඬින්න පොලිස් ඒකකයක්..

මුහුණු පොත ඇතුලු සමාජ වෙබ් අඩවිවලින් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයක් ස්ථාපිත කල බව පොලීසිය පවසයි.

කාන්තා ‍පොලිස් අධිකාරි ආර්.ඒ.දර්ශිකා කුමාරි මහත්මිය යටතේ පවතින මෙම පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකය සමග 011-2326979 හෝ 011-2320141 යන දුරකථන අංක ඔස්සේ සෘජුව සම්බන්ධ වී මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් නැතහොත් ළඟම පිහිටි ‍පොලිස් ස්ථානය හරහා එම ඒකකය සමග සම්බන්ධ විය හැකි බවද පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

(DE සිල්වා)