FAST NEWS

24×7 Around the Globe

රියදුරන් විමර්ශනයට කොළඹ නගරයේ හෙට සිට සිවිල් පොලිස්..

මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගෙන ඔවුන්ට නීතිමය පියවර ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් හෙට(23) සිට ඉදිරි සති කිහිපයක් පුරා කොළඹ නගරය තුළ ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

එ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සාමාන්‍ය වාහනවලින් කොළඹ නගරය තුළ ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ගමන් කරමින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නිරීක්ෂණය අදාළ වාහන නවතා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

(DE සිල්වා)