FAST NEWS

24×7 Around the Globe

නිල්වලා විද්‍යාපීඨයේ නවකවද සිද්ධිය ගැන ඇමති අකිල වාර්තාවක් ඉල්ලයි..

නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදුවුවා යැයි පැවසෙන නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර මහතාට නියෝග කර තිබේ.

එ අනුව නිල්වලා විද්‍යාපීඨයේ ඇති වූ සිද්ධිය පිළිබඳව ද සොයා බලා ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

(DE සිල්වා)