FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබයි..

පාර්ලිමේන්තුවෙන් සම්මත වු පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අද (22) කථානායකවරයා සිය අත්සන තබා තිබේ.

ඒ අනුව එය පනතක් ලෙස ක්‍රියාත්මක වීමට අදාළ නෛතික ප්‍රතිපාදන සැලසේ.

එම පනත් කෙටුම්පත බදාදා (20) පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කෙරිණ.

එඅනුව සියලුම පළාත් සභාවල ඡන්ද විමසීම කොට්ඨාශ ක්‍රමයට පැවැත්විය යුතුබවත්,ඡන්ද විමසීම එකම දිනයක පැවැත්විය යුතුය යන්නත් අදාළ පනත මගින් අවධාරණය කෙරේ.

(DE සිල්වා)