FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂගේ මීත්තණීයට FCID වෙත ප්‍රකාශ දෙන්නැයි නියෝග..

රුපියල් මිලියන 50ක් පමණ වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවසක් සහිත ඉඩමක් යෝෂිත රාජපක්ෂ විසින් ඩේසි ෆොරස්ගේ නමට මිලට ගෙන ඇති බවට හා ඒ සඳහා මුදල් ලැබුනේ කෙසේද යන්න සෙවිම සඳහා සිදුවන පරීක්ෂණ සඳහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) යට ප්‍රකාශයක් ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

එසේම මෙතෙක් සිදුකල පරීක්ෂණයන්මි ප්‍රතිපල නීතිපතිවරයා වෙත යැවූ බවත් ලැබෙන උපදෙස් මත ඉදිරි කටයුතු අධිකරණයට වාර්තා කරන බවද එම කොට්ඨාශය අධිකරණ වෙත දන්වා සිටියේය.

ඒ අනුව එතෙක් නඩුව අත්හිටුවා තැබීමට අධිකරණය තීරණය කළේය.

(DE සිල්වා)