FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන් තුන්වන දිනටත් බැදුම්කර කොමීසට..

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි ලබාදීම සදහා තුන්වන දිනටත් අද (22) පෙරවරවේ ප්‍රශ්නගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.

පසුගිය 13 වැනිදා කොමීසම විසින් ඔහුට සිතාසි නිකුත් කිරීමෙන් අනතුරුව පසුගිය අගහරුවාදා සහ බදාදා දිනවල හෙතෙම කොමිසම ඉදිරියේ පෙනී සිටියේය.

හිටපු මහබැංකු අධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් ප්‍රකාශ කළ අතර, ඒ සදහා කරුණු අධ්‍යයන කර පැමිණීමට දින දෙකක කාලයක් ද ඉල්ලා සිටියේය.

එ අනුව එ මහතාව අද දිනයේ කොමීසම වෙත කැඳවිමට තීරණය විය.

(DE සිල්වා)