FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා නාමයෝජනා කැඳවන්නැයි ඉල්ලා සිවිල් සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණයට..

උතුරු මැද, නැඟෙනහිර හා සබරගමුව පළාත් ඡන්ද විමසීම් සඳහා නාම යෝජනා කැඳවන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා නුදුරෙම සිවිල් සංවිධානයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ලංකාවේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන නිසා සංශෝධනය වූ පළාත් සභා පනත ද්විතීය වෙයි’ යන තර්කය පදනම් කරගෙන මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නියමීත බවත් පැවසේ.

මේ සඳහා එම සංවිධානය ප්‍රවීණ නීතිඥ මණ්ඩලයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ,තවත් සිවිල් සංවිධාන ගණනාවක් ඒ සඳහා සහාය දීමට එකඟත්වය පළකර ඇති බවද වාර්තා වේ.

(DE සිල්වා)