FAST NEWS

24×7 Around the Globe

සරණ උසාවි ගෙන්නැයි අධිකරණයෙන් නියෝග..

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාහන කුලියට ගැනීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින එහි හිටපු සභාපතිවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා මේ මස 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (21) බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් පවරා ඇති එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතාගේ පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා වෙනත් නඩුවකට රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවයි.

ඒ අනුව නඩුව නැවත මෙම මස 26 වැනිදා කැඳවීමට නියෝග කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය එදිනට විත්තිකාර සරණ ගුණවර්ධන මහතා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.

(DE සිල්වා)