FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී හා එ.ජා මහලේකම් අතර විශේෂ හමුවක්..

එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහාඇමෙරිකාවේ නිව්යෝක් නුවර සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්සත් ජාතීන්ගේ මහ ‍ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් මහතා හෙට (23) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකයි පවසයි.

ලංකාවේ වේලාවෙන් හෙට පෙ.ව. 7.00ට නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වේ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව තුළ දිගු කාලීන සාමය ගොඩනැගීම හා ජාතීන් අතර සුහදතාව ගොඩනැගීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බවත් පැවසේ.

(DE සිල්වා)