FAST NEWS

24×7 Around the Globe

සයිටම් සිසුන් කොතලාවලට ඇතුලත් කිරීමට යෝජනාවක්..

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුන් කොතලාවල විද්‍යා පීඨයට ඇතුළත් කර ගන්නා ලෙසට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව මාලඹේ වෛද්‍ය පීඨයේ දෙමාපිය සංසදය සඳහන් කරයි.

දෙමාපියන්ගේ අත්සන් සහිත ලිපියක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ඉල්ලීම සිදුකරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ලිපියට අත්සන් ගැනීම 24 වැනිදා සිදුකරන බවත්, ලබන සතිය තුළදී රජයට මෙම ලිපිය බාරදෙන බවද හෙතෙම පවසා සිටියේය.

(DE සිල්වා)