FAST NEWS

24×7 Around the Globe

වස්ගමු වනජීවි අයුධ ගබඩාව කඩයි..

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ ආයුධ තිබූ කාමරය කඩා එහි තිබූ ගිනි අවි කිසියම් පිරිසක් ඊයේ (21) රාත්‍රියේ සොරකම් කර ඇති බව පොලිසීය කියයි.

ටී 56 වර්ගයේ ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවි 2 ක් බෝර 12 පතොරම් තුවක්කු 2 ක් මෙලෙස සොරාගෙන තිබේ.

කෙසේ වෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවද විලග්මුව පොලිසීය වැඩිදුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)