FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ නිවසට උත්සාහ දැරූ පුද්ගලෙයෙකු අත්අඩංගුවට..

ඊයේ (21) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිවසට බලහත්කාරයෙන් ඇතුළුවිමට උත්සාහ දැරූ පුද්ගලයෙකු එ මහතාගේ ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන කුරුදුවත්ත පොලිසියට භාරදී ඇති ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණි අදාල පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා හමුවිමට අවශ්‍ය බව පවසමින් කලහාකාරි ලෙස හැසිරෙමීන් තියුණු ආයුධයක් ගෙන සිය ජිවිතයට හානි කර ගන්නා බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරින්ට තර්ජනය කර ඇත.

සැකකරු ඉඹුල්පේ, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

(DE සිල්වා)