FAST NEWS

24×7 Around the Globe

නිල කාලය අවසන් වන පළාත් සභා ආණ්ඩුකාරවරුන් යටතට..

සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වීමෙන් පසු මැතිවරණය පවත්වන තුරු ඒවායේ පාලන බලය ආණ්ඩුකාරවරුන්ට පවරන බව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

සබරගමුව පළාත් සභාවේ නිල කාලය ලබන 27 වනදායින් අවසන් වන අතර, උතුරුමැද පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් 30 වනදා අවසන් වීමට නියමීත වේ.

පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු 20 වන සංශෝධනය මගින් වී තිබුණේ පළාත් සභා වල නිල කාලය අවසන් වීමෙන් පසු මැතිවරණ පැවැත්වෙන තුරු ඒවායේ බලතල පාර්ලිමේන්තුව වෙත පැවරීමට සහ පළාත් සභා ඡන්ද එකම දිනයකදී පැවැත්වීමටත් ඒවායේ නිල කාලය දීර්ඝ කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීමටය.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දීමට කටයුතු කළේ අදාළ සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවය.

(DE සිල්වා)