FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවට වසර 70ක් පිරීම නිමීත්තෙන් විශේෂ සැසිවාරයක්..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැසිවාරයක් ඔක්තෝබර් 03 වැනිදා පස්වරු 2.30 සිට 4.30 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ.

එදින පස්වරු 2.30ට ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂ නායකයන්ට කතා කිරීමේ අවස්ථාව සලසා ඇත.

(DE සිල්වා)