FAST NEWS

24×7 Around the Globe

බෞද්ධ ප්‍රතිපත්ති,මුලධර්ම පදනම් කර ගනිමීන් නව ව්‍යවස්ථාව ගෙනෙනවා..

බෞද්ධ ප්‍රතිපත්ති සහ මුලධර්ම පදනම්කරගනිමින් නව ව්‍යවස්ථාව සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පදනම්කරගැනීම සඳහා වන අතුරු වාර්තාවක් අද(21) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරමීන් ප්‍රකාශ කළේය.

එසේම රටට ඔබින නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම හිමිවු මෙම අවස්ථාව ගිලිහීමට ඉඩනොදිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කළේය.

“අද ඉදිරිපත්කරන අතුරුවාර්තාව සාමුහික ප්‍රයන්තයක්. ආණ්ඩුවත් විපක්ෂයක් එකතුව සිදුකළ කටයුත්තක්. මේ අතුරුවාර්තාව පිළිබද රටතුළ පොදු විවාදයක් ඇතිවේවායි අපි බලාපොරොත්තු වෙනවා. අතුරුවාර්තාව සහ අනුකොමිටු වාර්තා 06 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේපිළිබඳ ව්‍යවස්ථා සභාව තුළ පමණක් නොව රටතුළම කතාබහ ඇතිවිය යුතුයි. අපි සම්පාදනය කරගතයුත්තේ රටටම බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්.ව්‍යවස්ථා කෙටුම්පත් සකස්කිරීමෙන් පසු අවසාන වාර්තාව සභාවට ඉදිරිපත් කරනවා. ව්‍යවස්ථාවෙන් රට පරිවර්ථනයකට භාජනය කිරීමට හැකිවෙනවා යැයි බලාපොරොත්තු වෙනවා”

(DE සිල්වා)