FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටුපුල බලප්‍රදේශය මිනුවන්ගොඩ අධිකරණ කොට්ඨාසයට පැවරේ..

මීගමුව අධිකරණ කොට්ඨාසයට අයත්ව තිබූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පිහිටි බල ප්‍රදේශය මිනුවන්ගොඩ අධිකරණ කොට්ඨාසය ලෙස ඉකුත් 12 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ඉකුත් 19 වැනිදා සිට කටුනායක ගුවන්තොටුපල පොලිසිය මගින් සහ ඇවරිවත්ත පොලිස් ස්ථානයට අයත් අංක 149 ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සහ සිදුවන වෙනත් අපරාධ සම්බන්ධයෙන් එම පොලිස් ස්ථාන දෙකට මීනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට සිදුවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

(DE සිල්වා)