FAST NEWS

24×7 Around the Globe

උඩුවේ හිමීයන්ට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය ඔක්තොම්බර් 24 වැනිදා..

“චූටි පුතා” නමැති අලි පැටවා සිය විහාරස්‌ථානයේ නීති විරෝධී අන්දමින් රඳවා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ කිරුළපන ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන ඔක්‌තෝබර් 24 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (20 )නියම කළේය.

නීති විරෝධී අන්දමින් සන්තකයේ තබාගෙන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයේ නියෝගය අනුව වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත්කර සිටින අලි ඇතුන් එම සතුන් රඳවාගෙන සිටි පුද්ගලයන්ටම යළි භාරදීමට රජය විසින් මේ දක්‌වා ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන නොමැති බව පෙන්වා දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේය.