FAST NEWS

24×7 Around the Globe

විදුලි බිල ගැන සෙවිමට මහජන උපයෝගිතා කොමිෂට ලිඛිත ඉල්ලීමක්..

විදුලි බිලෙන් 50%ක මුදලක් මණ්ඩලය තුළ සිදුවන මූල්‍ය වංචා හේතුවෙන් එකතු වී තිබෙන බවට වෘත්තීය සමිති සඳහන් කරන බැවින් මේ පිළිබඳව වහාම සොයා බලන ලෙස මහජන උපයෝගිතා කොමිෂමෙන් අද (21) ලිඛිතව ඉල්ලා සිටි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

එසේම විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා අඛණ්ඩ වර්ජනයක් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 13%ක වැටුප් වැඩිකර ගැනීමක් සිදුකර තිබෙන බවත්, අවසානයේදී එම මුදලත් විදුලි බිලට එකතු වන බවත් එම සංවිධානය පවසයි.

විසඳුම්වලට එකඟතා පැමිණීමේදී විදුලි බිල අඩු කිරීමේ යෝජනාව වෘත්තීය සමිති අමතක කර දැමූ බවද එම සංවිධානය පෙන්වා දෙයි.

(DE සිල්වා)