FAST NEWS

24×7 Around the Globe

බදුල්ල කොට්ඨාශ රථවාහන අංශයට කැමරා..

බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ යතුරුපැදිවල ආරක්ෂිත කැමරා සවිකිරීමට බදුල්ල පොලිස් කොට්ඨාස රථවාහන අංශය පියවර ගෙන ඇති බව බදුල්ල පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.එම්.පියරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.

මාර්ග නීති කඩකරමින් වාහන ධාවනය කරන්නන් සහ මාර්ගය ආශ්‍රිතව සිදුවන විවිධ වැරදි හඳුනාගැනීමේ පහසුව උදෙසා මෙය ක්‍රියාත්මක කරනු ලබන බවද ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් ඇතැම් රියදුරන් අතින් සිදුවන රථවාහන වැරදි ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී සාක්ෂියක් ලෙස මෙන්ම අල්ලස් ගැනීම වැනි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් වෙත එල්ලවන චෝදනා සනාථ කරගැනීම වැනි අවස්ථාවලදි මෙම ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී වන බව පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

(DE සිල්වා)