FAST NEWS

24×7 Around the Globe

පිටකොටුව කුමාර වීදියේ ගින්න පාලනය කෙරේ..

පිටකොටුව කුමාර වීදියේ විසිතුරු භාණ්ඩ අලෙවිසැල් කිහිපයක අද (21දා) අලුයම ගින්නක් හටගත් බවත් , වහාම ක්‍රියාත්මක වූ පොලීසිය හා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ බවද පොලිසීය පවසයි.

ගින්නෙන් කඩ කාමර 7කට හානි සිදුව ඇති බවත් ජීවිත හානි සිදුව නොමැති බවත් පොලීසිය කියයි.

මෙතෙක් ගින්නට හේතුවත් සිදුවූ අලාභයන් ගණනය කර නොමැති බව පොලිසීය වැඩිදුරටත් පැවසීය.

(DE සිල්වා)