FAST NEWS

24×7 Around the Globe

දෙහිවල සත්ත්වෝද්‍යාන නයිට් සෆාරිය අද සිට ඇරඹේ..

ශ්‍රී ලංකාවේ ප්‍රථම නයිට් සෆාරි ව්‍යාපෘතිය වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) රාත්‍රි 7ට දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ වේ.

මෙම නයිට් සෆාරිය රාත්‍රි 7 සිට රාත්‍රි 10 දක්වා අතර කාලයේදී වීවෘත වේ.

නයිට් සෆාරි ව්‍යාපෘතිය යටතේ සතුන් නැරැඹීම පිණිස සංචාරය කළ හැක්කේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රි කාලයෙහි නිශාචර සතුන් රඳවා ඇති කලාපවල පමණි.

සෆාරියෙහි වැඩිහිටියකුගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් දෙසීයක් වන අතර ළමුන්ගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් සීයකි.

නිශාචර සත්ත්ව කලාපවල පාගමනින් සංචාරය කළ හැකි අතර එහි සංචාරය සඳහා හඬ නොනැඟෙන සහ අටදෙනකුට එකවර අසුන් පැනවිය හැකි විදුලි මෝටර් රථයක් ලබාගන්නේ නම් ඒ සඳහා පැයකට රුපියල් දෙදහසක් ගෙවිය යුතුය.

(DE සිල්වා)