FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීනී ගීතාගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය නිසා එම මන්ත්‍රී ධූරය දැරීම නුසුදුසු බව තීරණය කරමින් පසුගියදා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනය විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

එම විනිසුරු මඩුල්ලට සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න, බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්න ජයවර්ධන සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නම් කර තිබේ.

(DE සිල්වා)