FAST NEWS

24×7 Around the Globe

විදුලි සේවක වර්ජනය අවසන්..

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 08 ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ (20) රාත්‍රි අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින්ට සාමාන්‍ය පරිදි අද (21) පෙරවරුවේ සිට රාජකාරියට වාර්තා කරන්නැයි දැනුම්දුන් බවද එම සන්ධානය කියයි.

විදුලි සේවක වෘත්තීය සමිති නියෝජිතයින් කම්කරු දෙපාර්තමේන්තුවේදී කම්කරු ඇමැතිවරයා සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකවූ හෙයින් තම වර්ජනය අවසන් කළ බව එම සන්ධානය සඳහන් කරයි.

එ අනුව විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික සේවකයින්ට 10%ත් 13%ත් අතර ප්‍රතිශතයකින් හා ලිපිකරු සේවකයින්ට 10%කින් ආදී ලෙස වැටුප් වැඩිවීමක් ලබාදීමට ලංවිම පාලනාධිකාරිය එම සාකච්ඡාවලදී එකඟතාවය පළකළ බවද එම සන්ධානය වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)